නියමයන් හා කොන්දේසි

භාවිතයට සුදුසුකම (Eligibility):

“වාසනා ගුරු” යෙදවුම භාවිතා කිරීම සඳහා ඔබ අවුරුදු 18 ට වඩා වැඩි විය යුතුය. ඔබ එම වයස් සීමාවට වඩා අඩු නම්, ඔබ “වාසනා ගුරු” යෙදවුමේ සේවාවන් ලබා ගත යුත්තේ අපගේ භාවිතා කිරීමේ නියමයන්ට හා කොන්දේසි වලට එකඟ වූ ඔබගේ දෙමව්පියන්ගේ හෝ නීත්‍යානුකුල භාරකරුවන්ගේ අධීක්ෂණය යටතේ විය යුතුය.

පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය (Privacy Policy):

අප විසින් ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නා අකාරය හා ඒවා භාවිතා කරන ආකාරය දන ගැනීම සඳහා අපගේ Privacy Policy පිටුවට පිවිසෙන්න.

පරිශීලක අන්තර්ගතය (User Content):

ඔබ විසින් “වාසනා ගුරු” යෙදවුමට ආදානය කරනු ලබන ඔබගේ පෞද්ගලික තොරතුරු “පරිශීලක අන්තර්ගතය” යටතේ ආවරණය වේ. ඔබගේ පරිශීලක අන්තර්ගතයන්හි අයිතිය ඔබ සතු විය යුතු අතර ඔබට නීත්‍යානුකුල හිමිකමක් නොමැති කිසිදු පෞද්ගලික තොරතුරක් “වාසනා ගුරු” යෙදවුමට ආදානය කිරීමට ඔබට අවසරයක් නොමැති අතර එසේ කිරීමෙන් ඇති විය හැකි ඕනෑම ගැටළුවක් සම්බන්ධයෙන් අපගේ බැඳීමක් නොමැති අතර එහි පුර්ණ හිමිකම ඔබ සතු වේ. එබැවින් ඔබට අවසරයක් නොමැති කිසිදු තොරතුරක් “වාසනා ගුරු” යෙදවුම වෙත ලබා දීම නොකළ යුතුය.

වගකීමේ සීමාවන් (Limitation of Liability):

ලංකාව තුල දිනුම් අදින ලොතරැයි විශාල ප්‍රමාණයක අංක හැසිරීමේ රටාවන්, ගණිතමය සිද්ධාන්ත පදනම් කර ගෙන විශ්ලේෂණය කිරීම හා ඉදිරි ජය අංක පිළිබඳව අනුමාන අනාවැකි නිකුත් කිරීම සඳහා “වාසනා ගුරු” යෙදවුම සකසා ඇත.

“වාසනා ගුරු” සදහා පදනම්ව ඇත්තේ සම්භාවිතා සිද්ධාන්ත, සංඛ්‍යාන ගණනය කිරීම්, තර්ක මුලධර්මයන්, අංක විද්‍යා සිද්ධාන්ත හා වෙනත් ජ්‍යෝතිෂ්‍ය මුලධර්මයන්ය. ඒවායේ සත්‍යතාවය හෝ අසත්‍යතාවය පිලිබදව හෝ “වාසනා ගුරු” භාවිත කිරීම හේතුවෙන් ඇති විය හැකි කිසිදු ආකාරයක ගැටළුවක් සම්බන්ධයෙන් හෝ “වාසනා ගුරු” නිෂ්පාදන කණ්ඩායම කිසිම වගකීමක් දරනු නොලැබේ.

“වාසනා ගුරු” යෙදවුමට අදාළ “භාවිතා කිරීමේ නියමයන්ට හා කොන්දේසිවලට” පටහැනිව සිදු කරනු ලබන කිසිදු භාවිතාවක් සඳහා අප කිසිදු වගකීමක් දරනු නොලැබේ.

“වාසනා ගුරු” භාවිතය ඔබගේ පෞද්ගලික කැමැත්ත මත පමණක් සිදු විය යුතුය. භාවිතය නිසා සිදු විය හැකි කිසිදු ආකාරයක ගැටළු සහගත හෝ අහිතකර තත්වයක් සම්බන්ධයෙන් වග කීමට “වාසනා ගුරු” නිෂ්පාදන කණ්ඩායම බැඳී නැත.

“වාසනා ගුරු” යෙදවුමේ සේවාවන් සක්‍රිය කර ගැනීම හා සේවා ගාස්තු අය කර ගැනීම සඳහා ඩයලොග්, හච් (078/072) හා එයාර්ටෙල් සමාගම්, තුන්වන පාර්ශ්වීය ජංගම සේවා සපයන්නන් හා ගාස්තු අය කරන්නන් ලෙස පමණක් කටයුතු කරන අතර “වාසනා ගුරු” යෙදවුමේ අන්තර්ගතයන් හා “වාසනා ගුරු” යෙදවුම භාවිතාව නිසා ඇති විය හැකි කිසිදු ආකාරයක ගැටළුවක් සම්බන්ධව ඩයලොග්, හච් (078/072) හා එයාර්ටෙල් සමාගම් කිසිදු ආකාරයක නෛතික වගකීමක් නොදරන්නේය.

ලංකාව තුල ලොතරැයි අලෙවි කිරීමේ නිත්‍යානුකුල අයිතිය සතු “ජාතික ලොතරැයි මණ්ඩලය” හා “සංවර්ධන ලොතරැයි මණ්ඩලය” මගින් නිකුත් කරන ලොතරැයි වල පසුගිය දිනුම් වාරයන්ගේ ලොතරැයි ප්‍රතිපල විශ්ලේෂණය කිරීම හා ඒ ඔස්සේ යම් යම් අනුමානයන් කිරීම “වාසනා ගුරු” යෙදවුම මගින් සිදු කරනු ලබන නමුත් “ජාතික ලොතරැයි මණ්ඩලය” හෝ “සංවර්ධන ලොතරැයි මණ්ඩලය” සමග කිසිදු ඍජු හෝ වක්‍රාකාර සම්බන්ධතාවයක් “වාසනා ගුරු” යෙදවුමට නොමැත.

ලොතරැයි ජය අංක කිසිසේත් කල් තියා අනුමාන කල නොහැකිය. එය 100% ක්ම අහඹු ක්‍රියාවලියක ප්‍රතිපලයකි. “වාසනා ගුරු” යෙදවුම මගින් ලොතරැයි ජය අංක පිළිබඳව යම් යම් අනුමාන කිරීම් ලබා දෙන්නේ පසුගිය ලොතරැයි ප්‍රතිපල වල ජය අංක වල හැසිරීම් රටාවන් විවිධාකාරයට විශ්ලේෂණය කිරීමෙන්ය. ඒවා ගණිතමය අනුමාන කිරීම් මිස 100% නිවැරදි ඒවා නොවිය හැකිය.

“වාසනා ගුරු” නිෂ්පාදන කණ්ඩායම කිසිදු අවස්ථාවක ලොතරැයි මිලදී ගැනීම ප්‍රවර්ධනය කිරීම නොකරන අතර කිසිදු ලොතරැයි අලෙවි ආයතනයක් සමග ඍජු හෝ ඍජු නොවන ආකාරයේ සම්බන්ධතාවයක් පවත්වාගෙන යනු නොලබයි.

“වාසනා ගුරු” යෙදවුම නිෂ්පාදනය කර ඇත්තේ පුර්ණ වශයෙන් විනෝදාත්මක අවශ්‍යතාවයන් වෙනුවෙන් හා ලොතරැයි මිලදී ගනු ලබන පුද්ගලයින්ට පසුගිය ප්‍රතිපලවල හැසිරීම් අවබෝධ කර ගැනීමට හා ඒ ඔස්සේ ඔවුන්ගේ සිතීමේ හා විශ්ලේෂණය කිරීමේ කාලය අඩු කිරීම සඳහා පමණි. “වාසනා ගුරු” නිෂ්පාදන කණ්ඩායම කිසිදු ජයක් හෝ පරාජයක් පිළිබඳව සහතික වීමක් සිදු නොකරන අතර පරිශීලකයන් ඒ සම්බන්ධව ස්වයං වගකීමට යටත් වේ.