“වාසනා ගුරු” භාවිතා කිරීමට අන්තර්ජාලය හා සම්බන්ධව සිටීම අවශ්‍යද?
ඔව්. “වාසනා ගුරු” අදාළ සියලුම සැකසුම් කටයුතු සිදු කරන්නේ අන්තර්ජාලය තුල ස්ථාපනය කර ඇති අපගේ Cloud අවකාශය තුල බැවින් මෙම යෙදවුමට අදාළ සේවාවන් ලබා ගැනීම සඳහා ඔබගේ දුරකතනයේ Data On කර තිබිය යුතුය.
“වාසනා ගුරු” App එක වෙනුවෙන් යම් ගාස්තුවක් අය කරනවාද?
ඔව්. දිනකට රුපියල් 6.99 ක් සහ ඊට අදාළ බදු මුදල් අය කරන අතර ඔබ ලියාපදිංචි වූ දුරකථන අංකයට අදාළ ගිණුමෙන් ස්වයංක්‍රියව මෙම මුදල අය කර ගනු ලැබේ. යම් ලෙසකින් ඔබගේ ලියාපදිංචි වී ඇති දුරකථන ගිණුමේ, දෛනික ලියාපදිංචි ගාස්තුව අය කර ගැනීමට ප්‍රමාණවත් ශේෂයක් නොමැති නම් ඔබගේ ලියාපදිංචිය ස්වයංක්‍රීයවම අක්‍රිය වේ. එවිට තාවකාලිකව “වාසනා ගුරු” යෙදවුමට ප්‍රවේශ වීමට ඔබට නොහැකි වන අතර අදාළ දෛනික ලියාපදිංචි ගාස්තුව අය වූ පසු ස්වයංක්‍රීයවම ලියාපදිංචිය සක්‍රීය වී නැවත “වාසනා ගුරු” යෙදවුම පරිශීලනය කිරීමේ හැකියාව ඔබට හිමි වේ.
ලියාපදිංචිය අහෝසි කර ගන්නේ කෙසේද?
ඔබ කැමති ඕනෑම වේලාවක “වාසනා ගුරු” සමග වූ ලියාපදිංචිය අහෝසි කර ගත හැකිය. ඒ සදහා ඔබ ලියාපදිංචි වූ දුරකතනයෙන් UNREG wsguru ලෙසට සටහන් කර 77177 වෙතට SMS එකක් යවන්න. එවිට ඔබගේ ලියාපදිංචිය අහෝසි වනු ඇත.
ගිණුම ඉවත් කරන්නේ කෙසේද? (How to Delete Your Account)
ඔබේ ගිණුම ස්ථිරවම ඉවත් කිරීමට පහත පියවර අනුගමනය කරන්න:
පළමුව ඇප් එකේ Home page එකට යන්න.
එහි ඇති Hamburger button එක (ඉරි කෑලි තුනේ සලකුණ) ක්ලික් කරන්න.
ඉන්පසු “ගිණුම මකන්න” යන්න තෝරන්න.
දැන් ඉල්ලන ලද ස්ථානයේ “confirm” ලෙස ටයිප් කර, අදාළ බොත්තම ක්ලික් කරන්න.
“වාසනා ගුරු” App එක භාවිතයට අදාළ ගැටළුවක් ඇති වුවහොත් එය විසදා ගන්නේ කෙසේද?
ඔබගේ ගැටලුව සවිස්තරාත්මකව සටහන් කොට rivilogy@gmail.com වෙත ඊ මේල් පණිවුඩයක් එවන්න. අපගේ කණ්ඩායම හැකි ඉක්මනින් ඔබට පිළිතුරු සපයනු ඇත.